අප රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය වෙනස් ආකාරයනට සැමරිය යුතු බැවින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත.
මෙම උපදෙස් සියලුදෙනා කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම පිණිස බවත් ඔවුහු සඳහන් කරති.
හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නිරත වන ලෙසත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පිරිත් දේශනා,ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීම සුදුසු වේ.
වෙසක් කලාප,දන්සැල්,තොරණ් ආදිය ඇතුළු සියලුම මහජනතාව ඒකරාශී වන වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙසටත්,වෙසක් දිනයේදී නිවසින් පිටත අනවශ්‍ය ගැවසීම් හා වෙසක් එළි බැලීම සඳහා නොයන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.
එම නිවේදනය පහතින් දැක්වෙයි.