වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (11දා) සිට බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.