හබරාදුව ප්‍රාදේශීය සභා කාර්යාලයේ කටයුතු දින පහකට පසු අද (19) යළි ආරම්භ කළ බව එහි සභාපති දිලශාන් විදානගමගේ මහතා පවසයි.
හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා කොරෝනා ආසාතයෙකු බවට වාර්තා වීමෙන් පසු සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි පසුගිය 14වනදා සිට එම කාර්යාලය වසා දමා තිබිණි.
ලයනල් ඉපලවත්ත මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගනු ලැබූ ප්‍රාදේශීය සභාවේ සේවකයන් 05දෙනකු මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටින බවද දිල්ශාන් විදානගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රාදේශීය සභා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විශබීජහරණයට ලක්කර සෞඛ්යාරක්ෂිත බව තහවුරු කර ඇති බවද හෙතෙම පවසයි.
සිරංගිකා ලොකුකරවිට