කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණය සිදු කිරිම (17) දින සිදු කලහ .
නාවලපිටිය නගර සභාව , පස්බාගේ කෝරෙලේ ප්‍රාදේශිය සභාව , නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව නාවලපිටිය නගරය සහ පොදු ස්ථාන විෂබිජහරණය සිදු කලහ.
නාවලපිටිය නගරයේ පෞද්ගලික මුල්‍ය රක්ෂණ සමාගමක සේවකයින් පස් දෙනෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම මුල්‍ය රක්ෂණ ආයතන තාවකාලිකව වසා දමා ඔහුන්ගේ ආශ්‍රිතයන් 26 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදුකල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සෞඛ්‍යය අංශ තහවුරු කරගෙන තිබුණි.
නාවලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් මේ වන විට 40 දෙනෙකු හදුනාගෙන ඇති බවත්, වෛරසය පැතිර යාමට ප්‍රධාන හේතුව නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍යය උපදෙස් නොපිලි පැදිම බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (16) දින පස්වරුවේ නාවලපිටිය නගරයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටිහ.
ඉකුත් (15) දින සිට වසා දමා ඇති නාවලපිටිය නගරය (18) දින යළිත් විවෘත කරන බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිතිසිරි කරුණාදාස මහතා පැවසිය.