අද දිනයේ සිට එළැඹෙන 13 දා දක්වා වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනය වෙනුවෙන් අද (11දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නැගෙනහිර,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර හා සබගරමුව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් මෙසේ වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බවයි.
නැගෙනහිර, ඌව හා මධ්‍යම පළත්වලත් පොලොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු පළාතේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව එම නිවේදනයේ දැක්වෙයි.
සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වෙන බවත් ඔවුන් පවසයි.
ඌව, මධ්‍යම, දකුණු හා සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.