උතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී (දෙසැම්බර් 25 හා 26 යන දිනයන්හි) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් අද දිනයේදී ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු ප්‍ර දේශවල පස්වරු 1 න් පමණ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, බස්නාහිහර හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුනු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.