පවතින වැසි තත්ත්වය අද (23දා) දින සහ හෙට (24දා) දිනය තුළදීත් පැවැතිය හැකි බවත් 25 වන දින සිට අධික වැසි තත්ත්වය අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු මුහුදු ප්‍රදේශයේ සුළං තත්ත්වය ඉදිරි දින දෙක තුළ ඉහළ යා හැකි බවත්, ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති වන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කළාය.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදාහැර තිබෙන බවද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
නිවාස හානියක් සිදුවූ විට වන්දිය තක්සේරු කරන තෙක් රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ලබාදෙන බවද එම මධ්‍යස්ථානයෙන් අධ්‍යක්ෂක චමින්ද පතිරාජ මහතා සඳහන් කළේය.