කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාව උදෙසා කොළඹ මහනගර සභාව මගින් ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (24දා) උදෑසන කොළඹ මහනගර සභා කමිටු ශාලාවේදී නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය,
“මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාව විසින් මේ වෙනකොට අරන් තියෙන පියවරයන් ගණනාවක් තිබෙනවා. රජය මගින් ඇඳිරි නීතිය දාන්නත් කලින් ඉඳන්ම කොළඹ මහ නගර සභාව මගින් විවිධ පියවර ගෙන තිබෙනවා. අපි අපේ ළමා උද්‍යාන, මහජන පුස්තකාලය මෙන්ම මහජනතාවට ගෙවීම් සිදුකිරීමට තිබෙන ස්ථාන වැහුවා. මහජනතාව ගැවසෙන කොළඹ නගර සභාව සතු සියලුම ස්ථාන වහලා මහ ජනතාව ගැවසීම අවම කිරීමට කටයුතු කළා.
කොළඹ නගරයේ ජීවත් වන නගර වැසියන්ගෙන් 60%ක් පමණ අඩු ආදායම් ලාභී ජනතාව. ඒ වගේම අතිශය දුශ්කරතා මධ්‍යයේ එදාවේල හම්බකරගෙන ජීවත්වන ජනතාව. ඇඳිරි නීතියත් එක්ක මේ ජනතාව මේ වනවිට අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා මමත්, මගේ නාගරික මන්ත්‍රීවරුත්, කොමසාරිස්තුමියත් එක්ව තීරණයක් අරගෙන මේ වනවිට වියළි ආහාර පාර්සල් 50,000 පවුල් 50,000කට ලබාදීමට තීරණය කරලා තිබෙනවා. මුහුණදීමට සිදුවුණා.
වියළි ආහාර ලබදීමට අමතරව ‘covid 19 city of Colombo help desk’ යනුවෙන් වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා. අපේ වෙබ් සයිට් එකට හෝ face book එකට ගියාම ඒ help desk එකට කතා කරලා අවශ්‍ය සහයෝගය ගන්නට පුළුවන්. වෛද්‍යවරු ගණනාවකගේ දුරකථන අංක එහි සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය උපදෙස් පැය 24 පුරාම ලබාදීමටත් අපි කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා අපේ ක්ලිනික් පැය 24 පුරාම විවෘත කර තිබෙනවා.
රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජ හරණය කළ හැකි ලංකාවට ඇති එකම රථය තිබෙණුයේ කොළඹ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතුවයි. එය යොදවා ගනිමින් අවදානම් කියලා හිතෙන හැම තැනකම විෂබීජ හරණය කිරීමට අප කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පොදු ස්ථානවලත් මේ දේවල් සිදුකිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතිනවා.
මධ්‍යම රජයත් සමග එකතුව කොළඹ නගරයේ පමණක් නොව සමහර ඉල්ලීම් තිබෙන තැන්වල මෙය යොදවා ගනිමින් මෙම වෛරසය නෙරපා දැමීමට අප කටයුතු කරනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන්, කොමසාරිස්තුමිය, නියෝජ්‍ය කොමසාරිස්තුමිය, භාණ්ඩාගාරිකතුමිය ඇතුළු කොළඹ නගර සභවේ මහජනතාවට සාජුවම සේවාව ලබාදෙන අංශ ප්‍රධානීන් සහ ඒ කාර්ය මණ්ඩලය දුශ්කරතා මධ්‍යයේ ඒ අයගේ සේවය ජනතාව වෙනුවෙන් ලබදෙනවා. ” යැයි පැවසීය.
ප්‍රියාන් ශමික