මෙරටින් පළාගොස් ඉන්දියාවේ සැඟව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මද්දුමගේ ලසන්ත චමින්ද පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ විෂ ශරීර ගත කිරීමෙන් ඝාතනය කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
විෂ ශරීර ගත වීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේ බැංග්ලෝර් ප්‍රාන්තයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 03 වැනිදා මෙලෙස මියගොස් ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
මෙරටින් ඉන්දියාව වෙත ගිය කාන්තාවක විසින් ශක්තිජනක පානයකට මුසුකර ඇති විෂ වර්ගයක් පානය කිරීමට සැලැස්වීමෙන් මෙම ඝාතනය සිදුකරනු ලැබ ඇති බවත් සතියක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘අංගොඩ ලොක්කා’ මෙලෙස මරුමුවට පත්ව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස මිය ගිය ‘අගොඩ ලොක්කාගේ’ අවසන් කටයුතු ඉන්දියාවේ තමිල්නාන්ඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී සිදුකර ඒ පිලිබ`දව ලබාගත් වීඩියෝ පටයක් ඔහුගේ සහෝදරිය වෙත නැරඹීමට සලස්වා ඇති බවටද ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය පිටුපස තවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තැනැත්තිය රූපලාවණ්‍ය ශිල්පිණීයක් වන අතර කලකට පෙර සිට අංගොඩ ලොක්කාගේ හිතවතියක ලෙස සිටිමින් වරින් වර ඉන්දියාවට ගොස් ඔහු මුණගැසී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වූ නිල තොරතුරක් මේ වන තෙක් මෙරටට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ (22දා) පැවසිය.