විශේෂඥ වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබේ.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරමින් මෙම වයස් සීමාව දීර්ඝ කර ඇත.
ඒ අනුව 2017.06.06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම වයස් සීමා දීර්ඝ කිරීම සිදු කර ඇති අතර, ඒ අනුව වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කරන බවද ගැසට් නිවේදනයේ දක්වා තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මෙතෙක් පැවැතියේ වසය අවුරුදු 60 ලෙසය.