විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් සඳහා එක් වතාවක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දි තිබේ.
ඒසේම රජය විසින් වැටුප් වැඩි කිරීමට සමගාමීව හෙද සේවාව සඳහා වැඩි කළ අතිකාල දීමනා ගෙවීමේ ප්‍රමාදයක් ඇති බව වෘත්තීය සමිති මෙහිදී පෙන්වා දී ඇති අතර ඒ පිළිබදව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
ඒසේම සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.