ගත වු දින 03ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අප්‍රේල් 11 වන දින පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති බවයි.
එම කාලය තුළ දී රථ වාහන නඩු 26,425ක් ලබාගෙන තිබේ.
ඊයේ (13) පෙරවරු 6.00 සිට අද(14) පෙරවරු 6.00 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන නඩු 6,651 ක් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
උත්සව සමයේ අනතුරු අවම කර ගැනිමේ අරමුණින් මෙම ක්‍රියාන්විතය දිගටම පවත්වාගෙන යනු ලබයි.