දිවයිනම ආවරණය වන පරිදි පැය 24ක කාලයතුළ පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 10,170ක් පවරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ (11) පෙරවරු 06.00 සිට අද (12) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම සිදුකළ බව පොලිසිය පවසයි.
විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 245 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.