විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට කැදවීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
හෙට පෙරවරු 11 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති.
මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණේ අගහරුවාදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමටයි. එහෙත් රටතුළ පවතින තත්ත්වය මත හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති.