කොළඹ කොටුවට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් විශේෂ දුම්රිය හැර සියලුම දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව
සියලුම රාත්රී තැපැල් දුම්රියන් 25 දා සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.
සියලුම දුරගමන් සේවා දුම්රියන් හා නගරාන්තර සීඝ්රගාමී දුම්රියන් 26 දා සිට අවලංගු කර තිබේ.
ප්රධාන මාර්ගය, පුත්තලම මාර්ගය, කැළණිවැලි මාර්ගයේ සියලුම කාර්යාල දුම්රියන් හා මගී දුම්රියන් 26 දා සිට අවලංගු කර තිබේ.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් 26 දා සිට කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වෙයි.
උසස්පෙළ සිසුන් වෙනුවෙන් දුම්රියන් කිහිපයක් ධාවනය වෙයි.