අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ නායකයින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රිවරු 122 දෙනාම ජනපතිවරයා හමුවීමට අවශ්‍ය බව දන්වා තිබුණ බවත් 122 දෙනා නොව පක්ෂ නායකයින් පැමිණීම ප්‍රමාණවත් බව ජනපතිවරයා දැන්වූ බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.