විශ්ව විද්‍යාල 15 ක අනධ්‍යයන සේවකයින් 16,000 ක් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙන බවත් ඊට පෙර එයට විසඳුමක් ලබාදි ගැටලූව අවසන් කරන ලෙසත් ශි‍්‍ර ලංකා විශ්ව විද්‍යාල ලිපිකාර කළමනාකාර සේවා සහකාර සංගමයේ උපසභාපති එචි. ජි කැලූම් මහතා පවසයි.
අද (4) මාතර පැවති සාකච්ජාවකින් පසුව මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසිය.
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ විශ්ව විද්‍යාල 15 ක අනධ්‍යයන සේවකයින් 16,000 ක් ලබන 10 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙන්න තිරණය කරලා තියෙනවා. මෙම වැඩවර්ජනයට මෙවර විශ්ව විද්‍යාල පද්ධතියේ තියෙන සියලූ වෘත්තිය සමිති , පරිපාලන නිලධාරින්, අනධ්‍යයන සහයක නිලධාරින් ඇතුළු සියලූ දෙනා වෘත්තිය සමිති එකමුතුවක් ලෙසින් එකට එක්වෙලා ආරම්භ කරනවා.
2016 වසරේ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ට රු. දසදහසක වැටුප් ලැබිමේ කි‍්‍රයාවලියේ වැටුප් විෂමතාවයක් පවතිනවා. මෙය අනෙක් රාජ්‍ය සේවකයන්ට හැර අනධ්‍යයන සේවකයන්ට වන අපිට පමණක් උරුමකරලා තියෙනවා. මේ සම්බන්ධව දිගින් දිගටම බලධාරින් දැනුවත් කරත් මෙතෙක් කිසිම අවදානයක් යොමු කරලා නැහැ. ඒ නිසා තමයි අපි වැඩවර්ජනයකට යාමට තිරණය කළේ’’ යැයි පැවසිය.
මෙම වැඩවර්ජනය නිසා වෛද්‍ය පිඨවල ඇති මෘත ශරිර නරක් විමේ අවදානමක් පවතිනවා. පේරාදෙණිය , රුහුණ යන විශ්ව විද්‍යාලවල බීජ රෝපණ, බීජ පටක, වටිනා සතුන්, ගහකොළ විනාශ වි යන්න පුළුවන්.
ඒ වගේම විශ්ව විද්‍යාලවල පරිඝණක ගතකර තිබෙන දෑ අකර්මන්‍ය වෙන්න පුළුවන් . ලේ සාම්පල් ආදි තවත් බොහෝ දේ නරක් විමේ අවදානමක් පවතිනවා. එම නිසා අප ඉල්ලන්නෙ එසේ වන්න ඉඩ නොතියා 10 වනදාට පෙර මෙම ගැටලූවට විසඳුම් ලබා දෙන්න කියලයි.
ඒ වගේම විශ්ව විද්‍යාල පද්ධතිය ආශ්‍රිතව තිබෙන නේවාසිකාගාර, ආපනශාලා, ති‍්‍රරෝද රථ ආදි දේවල් වලට පවා රැකියාව නැතිවි යනවා. මෙයටත් මෙම ආණ්ඩුව වගකිව යුතුයි. අප කියන්නෙ 10 වනදාට පෙර අප ගැටලූවට විසදුම් දෙන්න නැතිනම් 10 වනදා අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරනවා වගේම මුදල් අමාත්‍යංශය ඉදිරිපිටට අනධ්‍යයන සේවකයන් 16,000 ම රැගෙන එනවා ’’ යැයි කැලූම් මහතා වැඩිදුරටත් පැවසිය.