අනීෂා මානගේ
වැඩිකළ විශ්‍රාම වැටුප අහිමිකිරීමට විරෝධය දක්වමින් රජයේ විශ්රාසමිකයන් පිරිසක් අද(30) තංගල්ල නගරයේදී විරෝධතා පාගමනක් පවත්වා තංගල්ල හේනකඩුව රජමහා විහාරයේදී පොල්ගසා දේව කන්නලව්වක් සිදුකළහ.
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබූ අතර මේ සඳහා විශ්‍රාමිකයින් 70ක පමණ පිරිසක් එක්ව සිටියහ.
2016 සිට 2020 දක්වා කාලය තුළ විශ්‍රා ම ගිය රජයේ සේවකයන්ට හිමිකර තිබූ 2020.01.01සිට රුපියල් දසදහසක වැටුප් වැඩිවීම චක්රකලේකනයක් මගින් අහෝසි කිරීම විරෝධය දක්වමින් මොවුහු විරෝධතා පාගමනේ නිරත වූහ.
පොල්, පලතුරු වට්ටි සහ විරෝධතා පුවරුවක් අතැතිව මෙම පිරිස තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේ සිට තංගල්ල මධ්‍ය ම බස් නැවතුම්පොළ දක්වා ගොස් නැවත හැරී තංගල්ල හේනකඩුව රජමහා විහාරය දක්වා ගමන් කළහ.
මෙම පිරිස හේනකඩුව විහාරස්ථානයේදී දෙවියන් ඉදිරියේ දේව කන්නලව්වක් සිදුකළ අතර තම විශ්රානම වැටුප අහිමි කළ අයවලුන්ට විරෝධය දක්වමින් පොල් ගසනු ලැබූහ.