වැලිසර නාවික හමුදා කඳවුරේ සිට වවුනියාව මහකච්චිකොඩිය ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (26දා) රාත්‍රියේ ලැබුණ පරික්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව වව්නියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
නාවික සෙබලා නිවාඩු ලබා පැමිණීමෙන් පසුව වැලිසර කඳවුරේ ඇති වූ කොරෝනා වයිරස් අවධානමත් සමග එම සෙබලාගේ සහ ඔහු ඇසුරුකළ කිහිපදෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා ඊයේ දින යොමුකල අතර පසුව එම වාර්තාවලට අනුව නාවික සෙබලා ඇසුරු කළ පුද්ගලයින්ට වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
අනතුරුව වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නාවික සෙබලා රැගෙන ගොස් ඇති අතර නාවික සෙබාලාගේ පවුලේ ඥාතීන්ද හුදකලා කිරීමට පියවර ගනු ලැබීය.