වවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු පදිංචි වූ නිවස හා අවට ඊයේ (06) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
බෝම්බ බෑගය දමා පළා ගිය ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී හමු වූ ජංගම දුරකතන පරික්ෂාවෙන් හෙලිකරගත් තොරතුරු වලට අනුව පළමුව කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අදාළ සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ඊයේ (06) සවස් වන තුරු පුලියන්කුලම් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පළාගිය ප්‍රධාන සැකකරු පදිංචිව සිටි බවට සැකකෙරෙන අත්අඩංගුවට ගත් සැකකාරියගේ නිවසේ හා අවට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් ටී56 ගිනිඅවියක් හා මෝටාර් බෝම්බ දෙකක් හමුවී ඇත.
පළාගිය ප්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් හා දුරකතන පහසුකම් ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකරුට නවාතැන් දුන් නිවසේ සිටි කාන්තාවක් මෙලෙස පුලියන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72 ක රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.
මේ අතර පළාගිය සැකකරුට සහය දුන් තවත් සැකකරුවෙකු පසුගිය 05 වනදාද වවුනියාව පොලිස් කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදී අතුරුමාර්ගයක ප්‍රධාන සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9 ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක්ද හමු වී ඇත.