වවුනියාව සිදම්බරපුරම්හි නාගරාජා විදුහල ආසන්නයේ බඹර වදයක් ඇවිස්සිමෙන් විදුහලේ සිසු දරුවන්ට දෂ්ඨ කිරිම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු ඊයේ (02) දින වවුනියාව මහරෝහලට ඇතුළත් කොට ඇත.
පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් නාගරාජා විදුහල ආසන්නයේ පිහිටි ගසක තිබූ මෙම බඹර වදය කැඩි යාමෙන් පාසලේ සිටි සිසු දරුවන්ට දෂ්ඨ කොට ඇති බවටත් එම අවස්ථාවේදි පාසල් කාලය අවසන් වී බොහෝ සිසුන් පිරිසක් නිවෙස් වෙතට යාම හේතුවෙන් බඹරුන් සිසු දරුවන්ට දෂ්ඨ කළ ප්‍රමාණය අඩු වූ බවටද ප්‍රදේශවාසීන් පැවසූහ.
බඹරුන් දෂ්ඨ කළ අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් එම ස්ථානයන්ට පැමිණ සිසු දරුවන් බේරාගෙන ඇති අතර දෂ්ඨ කල පිරිස් ළඟම පිහිටි සිදම්බර පුරම් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට පසුව වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මේ වනවිට සිසු දරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවටද වවුනියාව මහරෝහලේ වෛද්‍යවරුන් පවසති.