පවතින කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් 6 ක් නව වසරේ පාසල් වාරය සඳහා හෙට ( 11) විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.
මේ අනුව වව්නියාවේ දෙමළ මහ විද්‍යාලය, ගාමිණි ජාතික පාසල, දෙමළ කතෝලික මිශ්‍ර පාසල, රම්භකුලම බාලිකා විදුහල, සයිවප්රකාශ විදුහල හා වව්නියාව මුස්ලිම් මහ විද්‍යාලය යන පාසල් මෙලෙස විවෘත නොකරීමට පියවර ගෙන ඇතැයි වව්නියාව දිසාපති සමන් බන්දුලසේන මහතා සඳහන් කළේය.
වව්නියාව නගරයේ කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ හා එහි සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ අවසන්වනතුරු නගරයේ කඩසාප්පු ඊයේ (09) සිට තාවකාලිකව වසාදැමීමට ද පියවර ගෙන තිබුණි.
මේ හේතුව නිසාවෙන් නගරයේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවටත් පාසල් විවෘත කෙරෙන දිනය ඉදිරි දිනකදී දැනුම් දෙනු ඇති බවටද වව්නියාව දිසාපතිතුමන් වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත් වව්නියාවේ සෙසු පාසල්හි අධ්‍යාපනික කටයුතු නව වසරේදී හෙටදින ආරම්භ කෙරෙන අතරම පාසල් වෙතට පැමිණෙන දරුවන් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පාසල් වෙතට රැගෙන ඒමට දෙමාපියන් සැලකිලිමත් වියයුතු බවටද වව්නියාවේ සෞඛ්‍ය පරික්ෂක නිලධාරී වැඩිදුරටත් දැනුම් දී ඇත.