දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28දා) ඉවත් වුවද වව්නියාව වසාතැබීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.
වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත නාවික සෙබලා වව්නියාව දිස්ත්‍රීක්කයේ රාජ්‍ය ආයතන ඇතුලු වව්නියාව නගරයේම සැරිසැරීම හේතුවෙන් අද දිනයේදී වව්නියව නගරයේම පූරණ විෂබීජහරණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද වව්නියාව දිසාපතිවරයා පැවැසීය.
මේ අනුව වව්නියාව නගරසභාව, මහජන සෞඛ්‍ය කාර්යාලය හා පොලීසිය එක්ව අද දිනයේදී වව්නියාව නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලක්ම හා රාජ්‍ය ආයතන පූරණ විෂබීජහරණයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.