වව්නියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ රඳවා සිටින ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19 දෙනාගෙන් 17 දෙනෙකුටම කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
වව්නියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ත්‍රස්ත ක්‍රියාවන් සඳහා සම්බන්ධ හා අනුබල දීම යන කරුණු හේතුවෙන් රඳවාගැනීමේ අධිකරණ නියෝග මත රඳවා සිටින සැකකරුවන් 19 දෙනාගෙන් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකුට පසුගිය 24 වනදා සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හෙලි වීමෙන් පසුව සෙසු සැකකරුවන් 18 දෙනාටද පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කර තිබේ.
ඉන් ලැබුණු ප්‍රතිඵල අනුව තවත් 16 දෙනෙකුට කොරෝණා වෛරසය අසාදානය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇත.
අදාළ සැකකරුවන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති සැකකරුවන් දෙදෙනා වෙනම ස්ථානයක රැඳවීමට පියවර ගෙන ඇති අතර පළමුව වෛරසය වැළඳුනු සැකකරුගෙන් සෙසු සැකකරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැක පලකරති.
මේ හේතුවෙන් වව්නියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ද මේ වන විට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය කිරීමටද පියවර ගෙන ඇතැයි වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර් යාලය වැඩිදුරටත් පැවසීය.