යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පට්ටානිචූර්එහි පදිංචි 24 හැවිරිදි අදාල සරසවි සිසුවා කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයට ගිය අවස්ථාවේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණයකදී කොවීඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කොට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ගෙන් සිසුවාගේ 28 හැවිරිදි වැඩිමල් සහෝදරියටද කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ හේතුවෙන් අදාල සිසුවා පදිංචි වව්නියාව පට්ටානිචූර් පළමු වන පටුමග ඇතුලු දෙවන,තුන්වන, සව්වන ,පස්වන සහ හයවන පටුමග යන මාර්ගයන්ට සංචරණ සීමා පනවා ඇති අතරම අදාල ප්‍රදේශයන්හි වැසියන් සංචරනය කරන ලද පට්ටෙයිකාඩු, වේප්පම්කුලම් ප්‍රදේශයන්හි වැසියන් දහසකට අධික පිරිසක් ඔවුගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර අදාල සිසුවා සහ පවුලේ ඥාතීන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇති අතර කොවීඩ් වෛරසය ආසාදනය වූ අයුරු සෙවීමටද පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.