වවුනියාව අලගල්ල අලූත්ගම ප්‍රදේශයේ පාළු ඉඩමක කැලෑවක තිබී ගුවන්යානා නාශක පතුරොම් 85ක් අද (07) උදෑසන තිබී සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
ප්රදේශවාසියකු විසින් කැළෑවට ඇතුල් වූ අවස්ථාවකදී අදාළ උණ්ඩ තොගය දැක ඉරට්ටපෙරියකුලම් පොලීසිය වෙත දැනුම්දී දී ඇති අතර පසුව ඊරට්ටපෙරියකුලම පොලිස් නිලධාරීන් හා ටිගර් නම් පොලිස් නිල සුනඛයා යොදවා එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පොළව අභ්‍යන්තරයේ තිබූ පතුරම් තොගය හමුවී ඇත.
ගොඩගත් උණ්ඩ ගුවන්යානා නාශක පතුරම් 12.4 / 54 වර්ගයේ ගුවන්යානා නාශක පතුරම් බවට හදුනාගෙන ඇති අතර පසුගිය යුද සමගේ වවුනියාව ගුවන් හමුදා කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටි.ටි.ඊ ත්රස්තවාදීන් විසින් මෙම පතුරම් මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සොයාගත් පතුරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.