වව්නියාව බසාර් වීදිය ඇතුලු ප්‍රධාන මාර්ගවල පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 110 ක් දක්වා කොරෝනා ආසාදිතයින් වශයෙන් ශිඝ්‍රයෙන් වැඩි වී ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පෙන්වා දෙයි.
මේ අනුව වව්නියාව නගරයේ වසා දමන ලද බසාර් වීදිය, ධර්ම ලිංගම් වීදිය, මාර්කට් වීදිය, හොරොව්පතාන වීදිය, පළමු , දෙවන සහ තුන්වන හරස් වීදිවල පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 1400 කට අධික ප්‍රමාණයක් මේ වන විට පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇත.
මේ අතර ඊයේ (11) උදෑසන ලැබුනු පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා වලින් 25 දෙනෙකුටද ඊයේ සවස ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා වලින් 24 දෙනෙකුට වශයෙන් 49 දෙනෙකු කෙරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගනු ලැබීය.
අදාල කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් පුත්තලම, මඩකලපුව, හලාවත, ආදි ප්‍රදේශයන්හි සිට වව්නියාවේ වෙළඳසැල්හි නැවතී සේවය කරන පුද්ගලයින් බවටද තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් පවසති.
කෙසේ වෙතත් අදාල කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින්ද මේ වන විට හඳුනාගමින් නිරෝධායනය කරවීමට හා ඔවුන්ද පී.සී.ආර් පරික්ෂණයන්ට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.