පවතින කොරෝනා අවධානම හේතුවෙන් වව්නියාව දිස්ත්‍රීක්කයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන එළවලු වෙළඳපොළේ සියලුම වෙළෙන්ඳන් පී.සී.ආර්.පරික්ෂණයක් සිදු කිරීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
පසුගිය දිනයන්හි වව්නියාව දිස්ත්‍රීක්කයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වව්නියාව නගරයේ එළවලු වෙළඳපොළට ඇතුලු ස්ථාන කිහිපයක සැරි සරා ඇති බවටත් යාපනය මරදනාමඩම් එළවලු වෙළඳපොළේ කොරෝනා ආසාදිත පොකුර පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් මෙලෙස වෙළෙන්ඳන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීම පියවර ගෙන ඇත.
වව්නියාව වෙළඳ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට ඇති අතර මේ වන විටත් එළවලු වෙළෙන්ඳන් 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇත.