දිවයිනේ සියලු වැව් ප්රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රකාශ කරයි.
දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්රතිසංස්කරණය නොවීම ජනාධිපතිතුමා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්රික්කවල ජනතාව ඉදිරිපත් කළ ප්රධාන ගැටළුවකි. කෘෂිකර්මාන්තයට, සහ ජනජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් කර තිබේ. ඊට විසඳුම් ලෙස විධිමත් හා නිසි ප්ර මිතිගත සැලසුමක් ඇතිව සියලු වැව් ප්රතිසංස්කරණය කරන බව ජනාධිපතිතුමා කියා සිටී.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්රහනය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්රික්කය තුල චාරිකා කළ ජනාධිපතිතුමා කුලියාපිටිය සමූපකාර ක්රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළේය.