කොවිඩ් -19 වෛරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා අද(11) උදෑසන මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා ඇතුලත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවටය.
කෙසේ වෙතත් නගරාධිපතිවරයාට හෘද රෝගයකින් පෙලී ඇති අතර කොවිඩ් වැළඳීම හේතුවෙන් හෘද රෝගයද උත්සන්න වී මෙලෙස අද (11) උදෑසන මියගොස් ඇත.
මේ වන විට නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවා.
ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා 76 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්විය.
මිය ගිය නගරාධිපතිවරයාගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පූර්ණ නිරෝධායන නීතීන්ට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය නිලධාරී කාර්යාල වැඩිදුරටත් පැවසීය.