වැල්ලවාය නගරය අසල වැල්ලවාය - ඇල්ල මාර්ගයේ ඊයේ (25) බිම වැටී සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
දහවල් 1.00 ට පමණ නගරය ආසන්නයේ පුද්ගලයෙකු බිම වැටී සිටිනු දැක ජනතාව විසින් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසියේද සහාය ඇතිව ඔහුව වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද (26) පැවැත්වීමට නියමිතව ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක