මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිකිරීම සඳහා වැල්ලවාය නගරය ආසන්නයේ අංගසම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයක් ඉඳිකිරීමට සැලසුම් කැර ඇතැයි වී හා ධාන්‍ය, කාබනික ආහාර,එළවළු,පලතුරු,මිරිස්, ලූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානය ඉඳිකිරීම සඳහා වැල්ලවාය තණමල්විල මාර්ගයේ ඇතිලිවැව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට මුහුණලා අක්කර පහක පමණ ඉඩමක් ලබාදෙන ලෙස වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම්දී ඇත.
නිලධාරීන් කණ්ඩායමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යවා එය ඉඳිකැර ඇති අන්දම සහ ඉටුකරන සේවාවන් පිළිබඳව අධ්‍යයනය කොට මොනරාගල ප්‍රදේශයට සුදුසු පරිදි ගොඩනැඟිලි ඉඳිකිරීමට කටයුතු කරන බැව් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉඳිකිරීමෙන් පසුව මොනරාගල දිස්ත්‍රික්කය හැරුණු විට බදුල්ල, හම්බන්තොට,රත්නපුර සහ අම්පාර යන ප්‍රදේශවල ගොවීන්ගේද නිෂ්පාදන අලෙවි කිරීමට ගොවීන්ට අවස්ථාව සැලසේ.