වැල්ලවාය දිසා හා මහේස්ත්රාත් උසාවියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසු අද (04) සිට උසාවියේ අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බැව් වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්ර.පො.ප ටී.එම් රත්නායක මහතා පැවසීය.
මෙම අධිකරණයේ ඉකුත් 27 වෙනිදා පැවති නඩු කටයුත්තකට සාක්ෂිදීම සඳහා පැමිණ ඇති මෙම පොලිස් සැරයන්වරයා රෝගාතුරවී කුණ්ඩසාලේ පොලිස් රෝහලට ඇතුලත් වීමෙන් අනතුරුව ඊයේ සවස (03) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට අනාවරණයවී ඇත.
වැල්ලවාය දිසා හා මහේස්ත්රාත් අධිකරණය විෂබීජහරණය සඳහා මෙසේ තාවකාලිකව වසා තිබෙන අතර දින කිහිපයකින් උසාවියේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක