වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 113 ක් , ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි ප්‍රාදේශිය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.
මතුගම කොළඹ බස් රථය සම්බන්ධ පළමු සහ දෙවන ආශ්‍රිතයන්ගේ නිවෙස් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති බවත් , ඉත්තෑපාන ,පැලවත්ත,මීගහතැන්න ,බෝගොඩකන්ද ,වෙදවත්ත,කටුදොර යන ප්‍රදේශ වලින් හඳුනාගත් ආශ්‍රිතයින් මෙසේ නිරෝධායනයට ලක්කර බව ද, ප්‍රාදේශී ලේකම්වරයා පැවසීය .
වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් දින තුනකට පෙර සිදුකල පීසීආර් පරීක්ෂණ 30 වාර්තා ද අද දින ලැබීමට නියමිතව ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය
ප්‍රේමතිලක පෙරමුණ