ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
ඉතාමත් වේගයෙන් පැතිරෙන මෙම ප්‍ර භේදය ආසදනය වූ පුද්ගලයන් කිහිප දෙනෙකුම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
වැල්ලම්පිටිය පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන අයෙකු වෙයි.
මේ පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිතයාගේ ළඟම ආශ්‍රිතයෝ 20 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.