විකිණීමට සූදානම් කර තිබූ ලක්ෂ 4කට වඩා වටිනාකමින් යුත් ඉතා උසස්ම වර්ගයේ වල්ලාපට්ටා කිලෝ 6ක් සමග එක් සැකකරුවෙකු වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
වැලිපැන්න පොලිස් වසමේ මල්වතුකන්ද ප්රදේශයේ පුද්ගලයෙකු තම ගෝලයෙකු ලවා දර්ගා නගරය ප්රදේශයේ පුද්ගලයෙකුට වල්ලාපට්ටා කැබලි කිහිපයක් විකිණීමට සූදානම් කර ඇති බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම වල්ලපට්ටා සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
අත් අඩංගුවට ගත් වල්ලපට්ටා කැබලි අතර රුපියල් ලක්ෂ 3.1/2 ක් පමණ වටිනා ඉතා උසස්ම වර්ගයේ වල්ලපට්ටා කැබැල්ලක්ද තිබී ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මතුගම - බන්දු තඹවිට