මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ වැලිපැන්න මුස්ලිම් පාර ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධණය වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 57 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවත් , මේ වන විට අලුතින් කොරෝනා ආසාධිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමග වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 26 ක් දක්වා ඉහල ගිය බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
පසුගිය 27 වන දින ලැබුණු පී.සී.ආර්. වාර්තාවකට අනුව කොරෝනා වෛරසය ආසාධනය වූ බව හෙළිවූ වැලිපැන්න මුස්ලිම් පාරේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් හෝමාගම රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 03 වන දින මියගොස් ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී ඇත.
එම කාන්තාවට කොවිඩ් 19 වැළදී ඇති බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන්ගේ සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලින් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව හෙළිවිය. එම පිරිසගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව හෙළිවීමත් සමග වැලිපැන්න ප්‍රදේශයෙන් පමණක් මේ වන විට වාර්තා වූ කොරෝනා ආසධිතයන්ගේ සංඛ්‍යාව 26 ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙම තත්වය උඩ එම ප්‍රදේශයේ තව දුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් ,රෝගය පැතිරීම වලක්වා ගැනීමටත් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව පියවර ගෙන ඇති බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.
මතුගම බන්දු තඹවිට