වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා කොරෝනා වෛරසය ආසාදිත වූ බවට පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී ඊයේ (27දා) ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
ස්ථානාධිපතිවරයාගේ ප්‍රථම ආශ්‍රිතයින් පිළිබඳ මේ වන විට සොයා බැලීම් සිදුකරමින් සිටින බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
ප්‍රේමතිලක පෙරමුන