වැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාෂයට අයත් ගල්බොක්ක හා අලුත්විදිය යන ගම්මාන තාවකාලිකව හුදකලාකිරිමට තිරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් ගල්බොක්ක හා අලුත්විදිය යන ගම්මානවලින් අද (09) දින කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු හමුවිමත් සමග සෞඛ්‍ය අංශයේ නිර්දේශමත මෙකි ගම්මාන දෙක තාවකාලික පියවරක් ලෙස හුදකලාකිරිමට තින්දුකළ බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
මෙකි ගම්මාන දෙක තුල පි.සි ආර් පරික්ෂණ 200ක් පමණ සිදුකොට ඇති අතර ඉන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත. කොරෝනා වෛරසය ආසාදනය වු අය අතර දරුවන් තිදෙනෙකුද සිටින බව ආණ්ඩුකාරවරයා පවසයි.