ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව වැලිකන්ද සිංහපුර පිහිටි සත්ත්ව ගොවිපොළ කළමණාකරු අද (05) දින උදෑසන 8.30 පමණ සිය කාර්යාලය තුළදි හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද කන්දකාඩු ප්රදේශයේ පදිංචි පි. එම්. ධර්මරත්න (47) හැවිරිදි අයෙකි.
පොලීසිය විසින් මෙම මරණය පිළිබද කළ විමර්ශන අනුව මෙම පුද්ගලයා විසින් ම බෝර 12 වර්ගයේ ගිනි අවියකින් හිසට තබා ගත් වෙඩි තැබිමකින් මිය යන්නට ඇති බවට සැක පළ කර සිටි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මෙම මියගිය පුද්ගලයාට එරෙහිව විමර්ශනයක් සිදු කරමින් පවතින බවටත් සේවය කළ ස්ථානයෙන් ස්ථාන මාරුවිමක් ද ලැබි ඇති බවට කරුණු අනාවරණය වි ඇති බව පොලීසිය පවසයි.