වැලිකන්ද නගරයේ වෙළදසැලක් අද (01) දින පස්වරුවේ දි පරික්ෂාවට ලක් කල අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරම් 06ක් එහි තිබි සොයාගත් බවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අරලගංවිළ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයා පවසයි.
අරලගංවිළ විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරක් අනුව වැලිකන්ද නවනගරයේ පිහිටි වෙළදසැලක් අද දින පස්වරුවේ දි කල විශේෂ පරික්ෂාවකදි එහි තිබි බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන පතුරම් 06ක් සහ වෙළදසැල් හිමිකරු කාත්තන්කුඩි ප්රදේශයේ අයෙකු බැවින් ඒ අවස්ථාවේ වෙළදසැල් හිමිකරු කාත්තන්කුඩි ගොස් සිට ඇති අතර ඒ සඳහා වෙළදසැල භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සිදු කිරිම සඳහා වැලිකන්ද පොලිස්ථානයට භාරදිම සිදුකල බව විශේෂ කාර්ය බලකාය කියයි.