වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමටත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය පිහිටි ඉඩම මිශ්‍ර නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වැලිකඩ බන්ධනාගරය අක්කර 42ක භූමි භාගයක පිහිටා ඇති අතර හොරණ මිල්ලෑව ඉඩම අක්කර 200ක් පමණ වෙයි.
බන්ධනාගාරය මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව වැලිකඩ භූමි භාගය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන තෝරාගත් දේශීය හා විදේශීය ආයෝජකයින් වෙත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම දිගු කාලීනව බදු පදනම මත ලබාදීමට නියමිතය.