අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) පෙරවරුවේ ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී පැවැත්විණි.
එමෙන්ම ජනාධිපතිගේ සංකල්පයක් පරිදි ප්‍රකාශයට පත්කරන ලද ජාතික වෙරළ පිරිසිදු කිරීමේ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය කි‍්‍රයාවට නැංවීම ද මේ හා සමගාමීව සිදු විය.
සැප්තැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා කි‍්‍රයාත්මක කෙරෙන මෙම සතියේදී වෙරළ හා සමුද්‍රීය පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ගණනාවක් දිවයින වටා වෙරළබඩ දිස්ති‍්‍රක්ක 14ක වෙරළ තීරයන් 100කදී පමණ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබේ.
2017 වසරේ දිවයින වටා සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාව සියලු රටවල් අතරින් 16 වන ස්ථානයට පත්විය.