වසංගතයක් ඇති වූ සෑම අවස්ථාවකම කටකතා පැතිරී භීතියක් වපුරන බවත්, ඒ නිසා අපක්ෂපාතී කෙනෙකු සත්‍යය පැවසිය යුතු යැයි චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සෙනසුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් හමුවූ අවස්ථාවේදී පැවසීය. මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය.
මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලෙස ටෙඩ්රොස් කොවිඩ්-19 (නව කොරොන වෛරස) වසංගතය සම්බන්ධයෙන් වෘත්තීයමය හා විද්‍යාත්මක ආකල්පයෙන් සැලකූ බව පැවසූ වැන්ග් යී, චීනය ගෙන ඇති ඵලදායී ක්‍රියාමාර්ග තහවුරු කරමින් විශ්වාසය පවත්වා ගැනීමටත්, කටකතාවලට එරෙහි වීමටත් සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීම අගය කරන බවද හෙතෙම සඳහන් කළේය.
පරාජය නොකළ හැකි කිසිදු වසංගතයක් නොවන බවද පැවසූ වැන්ග් යී, චීන ජනතාවගේ දැඩි උත්සාහයත් සමග වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම ධනාත්මක දිශාවකට ගමන් කරමින් සිටින බවද අවධාරණය කළේය.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සංචාරය චීනය සාදරයෙන් පිළිගන්නා අතර, හැකි ඉක්මනින් වසංගතය පරාජය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සමීපව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත්, චීන ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහාද දායක වන බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් පැවසුවේ වසංගතයක් මායිම් කිසිවක් නොදන්නා බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මානව වර්ගයාගේ මෙම පොදු සතුරාට එරෙහිව එක්සත් විය යුතු බවත්ය.
එබැවින් ව්‍යාජ ප්රවෘත්ති සහ අපකීර්තිය පතුරුවා හැරීම වෙනුවට විද්‍යාත්මක ප්‍රවේශයට හා කරුණු පදනම් කර ගනිමින් සියලු රටවල් එක්සත් වී සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කොවිඩ්-19 වසංගතය පිළිබඳ වැරදි තොරතුරු සැලකිල්ලට ගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය ගූගල් ඇතුළු ඇතැම් අන්තර්ජාල සමාගම් සමග සන්නිවේදනය කර ඇති අතර, මහජනතාවට WHO වෙතින් බලයලත් තොරතුරු ලබාගත හැකි බව සහතික කර ඇති බව ටෙඩ්රොස් සඳහන් කළේය.
චීනය තමන්ගේ ජනතාව පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ජනතාවද ආරක්ෂා කරන බව පැවසූ ට්රෙඩ්රෝස්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට විශේෂඥයන් යොමුකළේ චීනයට ධාරිතාව නොමැති නිසා නොව සහයෝගීතාව සහ අන්‍යොන්‍ය සුහදත්වය පෙන්වීමට බවද කියා සිටියේය.