කොළඹ වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තිරණය ගෙන තිබේ.
අග්රාමාත්යරවයා හා කාල්ටන් නිවසේදී පැවැති සාකච්ඡා සාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති නියෝජිතයන් අද පෙරවරුවේ ප්රකාශ කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබානොදෙන ලෙස වරාය වෘත්තීය සමිති 23ක් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කළේය.