කොළඹ වරාය තුළ කොළඹ වරාය නගරයට ඇතුළුවීමේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ශ්‍රමිකයන් 4ක් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙක් හා එම ශ්‍රමිකයන් 4 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම චීන ජාතිකයා විසින් අවසරයකින් තොරව ශ්‍රමිකයන් 4 දෙනා වරායට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී විමලධර්ම ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් 5 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙරළබඩ පොලිස් ස්ථානය වෙත ඉදරිපත් කර තිබේ.
තම සමාගමේ සේවකයින්ගේ අඩුවක් ඇති නිසා රාජකාරී කිරීම වෙනුවෙන් පොතුවිල්හි පදිංචි මෙම පුද්ගලයන් 4 දෙනා රැගෙන යාමට උත්සාහ කළ බව චීන ජාතිකයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් වරායට පුද්ගලයන් ඇතුළුවීමෙදී අනුගමයනය කළ යුතු ක්‍රමවේද ඇති බවත් බලපත්‍ර ලබාගැනීමකින් තොරව මෙසේ ඔවුන් අනවසරයෙන් වරායට ඇතුළුවී ඇති බවත් පරීක්ෂණවලදී හෙළිව තිබේ. සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.