කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට අද (18දා) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පසරුවේදී පැවැතියේය. මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය පාර්ලිමේන්තුවට දන්වා තිබුණි.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතය.