කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට රජය එකඟවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව එම පනත පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරයකින් සම්මත කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අද පෙරවරුවේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
පනත පිළිබඳව හෙට හා අනිද්දා දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.