පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ විශේෂ පෙත්සම් වලට අදාළ සියලු වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරන ලදී .
ඒ අනුව මෙම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කතානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත ඉදිරි දිනකදී යොමු කිරීමට නියමිතය .
මෙම පෙත්සම් වලට අදාළ පාර්ශවයන්ගේ ලිඛිත දේශන ලබන අගහරුවාදා දිනය තුළ ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර සහ අතරමැදි පාර්ශවයන්ට නියෝග කරන ලදී .කෙසේවෙතත් එම ලිඛිත දේශන වලට අදාළ මෘදු පිටපත් ඊමේල් පණිවුඩ හරහා සදුදා පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙසට නියෝග කරන ලදී .
සිය වාචික දේශන අවසන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියේ මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බව දැනුම් දෙන ලදී .