වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පතට සංකල්පයක් ලෙස එකඟතාවක් දැක්වුවත් එහි අඩුපාඩු ගණනාවක් පවතින බව අමාත්‍ය උදය ගම්ම්න්පිල මහතා පැවැසීය.
අද (22දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහුමේ බව පැවැසීය.
“සංකල්පයක් විදිහට අප මේ පනත් කෙටුම්පත සමග එකග වුනත් පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමේ අඩුපාඩු ගණනාවක් නම් තියෙනවා. ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කරාවි යැයි අප බලාපොරොත්තු වෙනවා.
විදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට අප එකඟයි. නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයි. විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දරන උත්සාහයේදී විදේශිකයන් සිතන පතන ආකාරය හරියටම තේරුම් ගැනීම සඳහා විදේශ ආයෝජන හා කලාපයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අත්දැකීම් සහිත විදේශීය පුද්ගලයන් එම කොමිසමේ සාමාජිකයන් ලෙස වාඩිවීම කොමිසමට ආලෝකයක්. නමුත් ඒ සඳහා වන වගන්තියේ සීමාවක් යෙදවිය යුතුයි එම කොමිසමේ බහුතර සාමාජිකයන් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකිකයන් විය යුතුයි කියලා.
කෙටුම්පත් කිරීමේ දෝශයන් මත ව්‍යවස්ථාවට අනුකූල නොවන තත්ත්වයන් පනත් කෙටුම්පතේ තිබීමට ඉඩ තිබෙනවා. එවැනි දේවල් කෙටුම්පත් කිරීමේ දෝෂ නිසා සිදුවෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආපසු එම වගන්ති සංශෝධනය කර ගත යුතුයි. නැතිනම් ඉවත් කර ගත යුතුයි. මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ.”